මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් යමීන් මහතා සහ එම ජනාධිපති ආර්යාව ගමන් ගත් අධිවේගී යාත්රාවේ සිදුවූ පිපිරීමෙන් ඔවුන් දෙපළ අනුනයෙන් ජීවිතය ආරක්ෂා කර ගන්නා ලදී.
එම යාත්රාවේ සිදුවූ පිපිරීම මාලදිවයින ජනාධිපති ඝාතනය කිරීමට තැත්කළ සිදුවීමක් බව ඇතැම් විදේශ වාර්තා පෙන්වා දෙන ලදී.
කෙසේ වෙතත් මෙතෙක් එම සිද්ධියේ සජීවි වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ නොමැති වූ අතර මේ වන විට එම වීඩියෝ දරුශන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
සෞදි අරාබියේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ ආර්යාව සිය මව් රටට ගොඩබැස ඉන් අනතුරුව ඉසුඩීන් ජැටියෙන් ඔවුන් පදිංචි මන්දිරය පිහිටි දූපත වෙත යාමට පිටත් වූ අවස්ථාවේ දී මෙම අනතුර සිදු ව තිබුණි.