නව රජය පසුගියදා සිදුකළ බදු සංශෝධනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්රමිකයින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කර ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ රුපියල් 17,837 ක්ව පැවති ලියාපදිංචි ගාස්තුව රුපියල් 16,416 ක් දක්වා මෙම සංශෝධනයට අනුව අඩුකර ඇති බවයි.එමෙන්ම රුපියල් 3755 ක්ව පැවති ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 3456 දක්වා අඩුකර තිබෙනවා.නව ගාස්තු සංශෝධනය පසුගිය 1 වනදා සිට ක්රියාත්මක වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබෙනවා.