උපාධි ප්‍රධානෝත්සවයක බොහොම අපූරු ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඇතුලේ හුවමාරු වුනා ඔබ දකින්නට ඇති. ඒ ඇත්තටම NSBM Green University එකේ අවසාන උපාධි ප්‍රධානෝත්සවයක්. මේ අවස්ථාව බොහෝ දෙනෙකු අතරේ මේ තරම් කතාබහට ලක් වෙන්න තවත් විශේෂ හේතුවක් තිබුනා.
ඒ තමයි කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පින් දෙදෙනෙකුත් මේ අතරේ සිටීම. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔයාලා හැමෝම ආදරය කරන වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන ශනුද්රි ප්‍රියසාද් සහ ඇති දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස බොහෝ දෙනෙකුගේ සිත් දිනාගත් පුබුදු චතුරංගගේ ආදරණිය බිරිඳ මාෂි සිරිවර්ධන.
ඉතින් ඊයේ දවසේ එම පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරපු සිසු සිසුවියන් රැසක් උපාධි ලෝගුව දාගන්න අවස්ථාව හිමි කරගත්තා. ඔවුන්ගේ පවුලේ සමීපතමයන් රැසක්ද මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වෙලා ඉන්නවත් අපිට දකින්න ලැබුනා. විශේෂයෙන්ම ශනුද්‍රිගේ ගෙදර අය නම් හැමෝම වගේ ඇවිල්ල ඉන්නවා තමයි දකින්න ලැබුනේ. මේ අතරේ එයාගේ අක්කගේ ආදරවන්තයා එහෙමත් නැත්නම් අපේ දිනක්ෂිගේ ආදරවන්තය වුන ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරත් මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා.
මේ වැඩේට සහභාගී වෙන්න යන අතරේ සාරංග බොහොම අපූරු ෆේස්බුක් පොස්ට් එකකුත් දාලා තියනවා දකින්න ලැබුනා. ඔහු අතේ තිබුන ලස්සන මල් පොකුර ඇත්තටම කා වෙනුවෙන් ගත්ත එකක්ද කියලා අනුමාන කරන්න ඔහු තම ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දීලා තිබුනා. එක එක අය එක එක නම් කියද්දී අන්තිමට සාරංගම ප්‍රශ්නෙට උත්තරේ දීලා තිබුනා. කොහොම වුනත් ඒ අපූරු මල් පොකුර ඇත්තටම අරගෙන තිබුනේ ශනුද්‍රි වෙනුවෙන් කියලා අන්තිමේදී පින්තුරයක් එක්කම අපිට දකින්න අවස්ථාව ලැබුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවට සම්බන්ධ ඡායාරූප කිහිපයක්.
