යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු රෝගීන් හා සෙසු කාර්යමණ්ඩල ඉදිරියේදී පරුෂ වචන කියා ගනිමින් 3 වැනිදා රාත්‍රී එකිනෙකාට බැනගෙන පහර දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ රාජකාරී ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් අවසානයේදී එක් වාට්ටුවක් මැද මේ දෙදෙනා එකිනෙකාට පහර දී ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.මේ අවස්ථාවේදී සුළු සේවකයින් කීපදෙනකු හා රෝගීන් කීප දෙනෙකු වෛද්‍යවරුන් දෙදෙනාගේ ගුටිබැට හුවමාරුව නැවැත්වීමට මැදිහත් වී ඇති අතර මේ සම්බන්ධයෙන් යාපනයේ චාවාකච්චේරි පොලිසියට ද පැමිණිලි කොට තිබෙනවා.