ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු උතුරු දිග ඉන්දියාවේ ප්රදේශ රැසක ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී තිබෙනවා.
ඒ වායු දුෂණය අන්තරාකාරී මට්ටමට ළඟා වීම හේතුවෙන්.
මේ වෙනුවෙන් සේවා ආයතන රැසක්ද පිහිටුවා ඇති අතර එම ස්ථාවලට ගොස් නල මාර්ගයෙන් පුද්ගලයන්ට ඔක්සිජන් වායුව ස්වසනය කළ හැකි බවයි වාර්තා වන්නේ.
විනාඩි 15ක කාලයක් සඳහා ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් 300ක් හෙවත් අමෙරිකානු ඩොලර් 04 ක පමණ මුදලක් ගෙවිය යුතු වනවා.
එම මුදල බොහෝ පිරිසකට ගෙවා ගත නොහැකිවන අතර ඔක්සිජන් වායුව සැපයීම වායු දුෂණයට පිලියමක් නොවන බව විශේෂඥයින් පවසනවා.
වායු දුෂණය හේතුවෙන් ප්රදේශ රැසක පාසල් වසා දැමීම, ඉදිකිරීම් නැවතීම සහ රථවාහන ධාවනය කිරීම සීමා කිරීම සිදුකර ඇත.
