තමන්ගේ රුධිරය යොදාගන සිතුවම් මවන තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණා. ඔහු නමින් සමීර ශාක්‍ය රත්නායක. මේ තරුණා තමන්ගේ කලාව ගැන මේ විදියට අදහසක් පළ කර තිබුණා.
👉👉 💉💉ලේ කියන්නේ ගොඩක් වටින දෙයක්…. ඇගේ දුවන ලේ පිටතට එනවා දකින්න මිනිස්සු හරි අකැමතියි… ඒක අසුබයි…පිලී ගඳයි… අප්පිරියයි… බයයි… වේදනාවයි… ගොඩක් අය එකේක වා ගොඩාක් කියනවා… හොද… නරක… මං අහනවා… හරි දේ අරන් වැරදි දේ අයින් කරනවා…. ඒත් හැම කෙනෙකුගේම අදහස් වලට මං ගොඩක් ගරු කරනවා…….
මගේ මේ ගෞරවය රටක් ලෝකයක් වටින.. මනුස්සකම් පිරුන සුන්දර මිනිස්සු වෙනුවෙන්… මතුපිටින් දකින…පෙනෙන… ඇහෙන දේ නෙමෙයි… හදවතට එබිලා බලන්න … ඇත්ත තේරෙයි අන්න එදාට… කවුරු කොහොම මොනවා කිව්වත්…
දුකක් නෑ චුට්ටක්වත්… මං ආදරේ ඔයාලට…❤️❤️
මට මගේ කලාව ඇතුලේ සීමා මායිම් නෑ… මං ඉන්නෙ වෙනමම තැනක… කලාව කියන්නේ මගේ ජීවිතේ වගේ….. ඒකෙන් මිදෙන්න මට බෑ… ලේ වලින් පාට කරපු චිත්‍ර වලට කැමති පිරිස වැඩියි කියලා… මට කතා කරන අයගෙන් දැනෙනවා… ලේ වලින් දිගටම චිත්‍ර නිර්මාණය කරන්න ලොකු ආසාවක් නෑ… ජනප්‍රිය වෙන්න බලාගෙන මං මේවා කලෙත් නෑ… ඒත් පෞද්ගලිකව මිනිස්සුන්ගේ ආදරේ කියන එක මං විදිනවා… 😘
ජීවිතේ ගොඩක් දුකින්… වේදනාවෙන්… පාලුවෙන් කල් ගෙවපු මට මිනිස්සු ගොඩක් ලං වුනා.. මිනිස්සුන්ගේ හිත් වලට යම් තරමකට හරි ලං වෙන්න පුළුවන් වුනේ මේ ලේ වලින් පාට කරපු චිත්‍ර නිසා… ඒක අමතක කරන්න මට බෑ… ඒත් බලෙන් ජනප්‍රිය වෙන්න මට උවමනාවක් නෑ… මං ඒකට සුදුසුනම්… ඒක මට ලැබේවි… මිනිස්සුන්ගේ ආදරේ මිනිහෙකුට හුගක් වටිනවා…. මං ඒකට කැමතියි…❤️❤️
එක දෙයක් කියන්නම්….👇
දවසක මං මැරිලා යයි… මගේ හුස්ම නැතත් ඇගේ ලේ බිංදුවක් හරි… මගේ නිර්මාණවල…, මරණයෙන් මතුත් එක දවසක් හරි රැදිලා තියේවී… ඒ චිත්‍ර හුස්ම ගනීවී… ලෝකයාටම නැතත් මගේ පරම්පරාවේ… මගේ දරු මුනුබුරන්ට ඒ චිත්‍ර වල වටිනාකමක් දැනේවි… ඔවුන් ඒවා රැකගනීවි… මං ඒක විශ්වාස කරනවා…. ඒ නිසා මං චිත්‍ර අදිනවා ….🎨
ආදරේ ගොඩක් ඔයාලට…..😘😘😘
මේ ඔහු විසින් රුධිරය යොදාගන කළ සිතුවම් කිහිපයක්
