Gossip

රණ්ඩු වුණේ මගේ නිසා.. තරහා යන්නෙ මගේ නිසා.. වදයක් වුණෙත් මගේ නිසා.. අද නෑ ඔයා මගේ නොවන නිසා” – .ගයත්‍රි ඩයස්

ගයාත්‍රි දැන් ලේකම්වරියක්?
ඔව්. මිනිස්ටර්ගෙ සෙකට්රි. මිනිස්ටර්ට ඉන්නෙ ඉතින් ශ්‍රියන්ත අයියා. එක්තරා අවස්ථාවක මිනිස්ටර්ව අනතුරකට ලක්වෙනවා. ඉන්පසුව එයාට ශල්‍යකර්මයක් කරන්න වෙනවා. වැරදීමකින් ඒ ශල්‍යකර්මයේදී මිනිස් හදවතක් වෙනුවට බල්ලෙකුගෙ හදවතක් බද්ධ කරලා. ඒ නිසා මිනිස්ටර් හිටපු හැටියෙ බුරන්න පටන් ගන්නවා.මම මගේ චරිතය ටිකක් ලැජ්ජාවෙන් බාර ගත්තෙ. හැබැයි රූගත කිරීම් පටන් ගත්තාම අපි හරිම සතුටින් ගත කළේ. චිත්‍රපටයේ මේ චරිතයට අමතරව ශ්‍රියන්ත අයියා එක්ක රඟපෑව තව නාට්‍ය තුනක් විතර එන්න තියෙනවා.

ශ්‍රියන්ත එක්ක වැඩ කරන්න ලෙහෙසි ද?
මෙහෙමනෙ. එයා හරියට රංගන පාසලක් වගෙයි. අපට මෙනවා හරි දෙයක් ගැන කියලා දෙනවා. ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. කලාකරුවකු ලෙස ගත්තාම හරිම සුන්දර කලාකරුවෙක්. අපි එක කණ්ඩායමක් වගේ ටීම් වර්ක් එකක් තියෙන්නෙ. මම ශ්‍රියන්ත අයියා එක්ක රඟපාන්න හරි කැමැතියි.

තිරයේදී ඔබගේ සැමියා ලෙස වැඩියෙන්ම රඟපාලා තියෙන්නෙ ශ්‍රියන්ත ද?
වැඩිපුරම මගේ සැමියා ලෙස රඟපාලා තියෙන්නෙ නිරෝෂන් විජේසිංහ. අපි දෙන්නා ටෙලිනාට්‍ය 15 ක විතර එක දිගට සැමියා බිරිඳ ලෙස රඟපාලා තියෙනවා. ඉන්පසුව ශ්‍රියන්ත අයියා. ඒ හැර ප්‍රියන්ත සෙනෙවිරත්න සහ ගිරා අයියා එක්කත් රඟපාලා තියෙනවා. දැන් නිරෝෂන් හමුවුණාම මට කියන්නෙ ඔන්න ඊළඟ පාර නම් සැමියා වෙන්න එපා මම නඩු දානවා කියලයි. නිරෝෂනුත් එහෙම කිව්වා. මාත් බෑ කියනවා කියලා.මේ දක්වා 15 ක විතර එක දිගට රඟපෑවා.

”ගයාත්‍රි” කොහොමද ජීවිතේ?
කාර්ය බහුලත්වය මැද්දෙ ගතවෙන බව කියන්න පුළුවනි. ගෙදර වැඩ, රංගන කටයුතු වගේම සැලෝන් එකේ වැඩ එක්ක කාර්ය බහුල වෙලා. සැලෝන් එක නුගේගොඩ අලූත් තැනකට ගෙනිච්චා. දැන් ඒක තියෙන්නෙ කෝට්ටෙ පාරේ.

ගයාත්‍රි දිගටම රඟපෑම් අංශයේ නිරත වෙනව ද?
රඟපෑම විතරක්ම වෘත්තිය කර නොගත්තාට, එදා ඉඳලාම රංගනයේ යෙදී සිටිනවා. ඒ නිසා ආර්ථික වටිනාකමක් ලැබෙනවා. ඉතින් අපි එය කරන්නෙ ඉතා ගෞරවනීයවයි. අමතරව මගේ සැලෝන් එකේ සහ බියුටි ඇකඩමියේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අතරේ ගෙදර වැඩ බලන්නෙත් මම. ඒ කිසි දෙයක් මගාරින්න බැහැනෙ. අම්මා කෙනෙක්ට තියෙන වගකීම මුලින්ම අපි ඉටු කරන්න ඕනැ.

මේ සියලූ කාර්ය බහුලත්වය හමුවේ ගයාත්‍රි නිතරම හිනාවෙලා තමයි ඉන්නේ?
මම හිතන්නෙ ඒක තමයි හොඳම දේ. කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා හිතලා දුක්වෙන්න ඕනෑ නැහැ. ඒ වගේම අපට පුද්ගලික වූ දේ අප ළඟ තියාගන්න ඕනෑ. ඒක පිටට දෙන්න අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න ලෝකෙට විසඳන්න බැහැනෙ. අනෙක මම අහලා තියෙන විදියට දුක්බරම කතා ලියලා තියෙන්නෙ මුළු ලෝකයම හිනැස්සුව චාලි චැප්ලින්.
මට දුකක් දැනුණාම වැස්සෙ ඇවිද ගෙන යන්න මම ආසයි එතකොට මම අඬනවා ලෝකෙට පේන්නෙ නෑ.” විටෙක චාලි චැප්ලින් මහා රංගධරයා ඒ විදියට කියලත් තියෙනවා. ජීවිතයේ හංගන්න ඕනෙ තැන් අපි හැංගුවට කමක් නැහැ.

ගයාත්‍රි කවිත් ලියනවා නේද?
පොත් කියවීම, කවි කියවීම වගේම කවුරුත් නොදන්නවා වුණාට කවිත් ලියනවා.

මෑත කාලයේදී කියැවූ පොත් අතරින් හිතට දැනිච්ච පොත මොකක්ද?
පොලියානා. ඒකට මම හරි ආසයි.

ගයාත්‍රි කලාකාරියකට අමතරව කවිකාරියක්? කවියකුත් කිව්වොත්?
එකක් නෙවෙයි, කීපයක්ම කියන්නම්.වළාකුලකට දැනෙන ගින්දර

වැස්ස වී පොළවට කඩා වැටුණාට
අහස් තලයට හැඬෙන තරමට
සුළඟ වී දස අත හමා දැමුවට
දැනෙන දොම්නස හිතට වද දෙන
පිට කරන්නට ඔබත් නැහැ සඳ

මලකට පුළුවන් වුණාට එකළඟ පිපෙන්න
ඒ මලටම පුළුවන් වුණාට එකටම මැරෙන්න
ඔබ හට පුළුවන් උනාට මන් ළඟ හිදින්න
ඒත් ඔබ දන්නෙ මගෙ හිත හැම විට බිඳින්න”

”රණ්ඩු වුණේ මගේ නිසා
තරහා යන්නෙ මගේ නිසා
වදයක් වුණෙත් මගේ නිසා
අද නෑ ඔයා මගේ නොවන නිසා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!