හොලිවුඩ්

තවත් ලෝකයක් ගැන සිහින සැබෑවෙන ලකුණු!

N3

අඟහරු ලෝකයේ දියරමය ජලය පවතින බවට තහවුරු කළ හැකි නවතම චන්ද්‍රිකා ඡායාරූප ලැබී ඇති බව නාසා ආයතනය පවසයි.

අඟහරු ග්‍රහයා මතුපිට පවතින අගාධ තුළට නෙරා යන ඉරි වැනි සලකුණු, ලවණමය දියර ගලා යාම නිසා ඇති වුණු සලකුණු බව  නාසා විද්‍යාඥයන් සඳහන් කරන බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

ලවණ දිය වීමේදී ඒවා ආගාධ තුළට ගලා යන බවට විද්‍යාඥයෝ විශ්වාස කරයි.

මේ නිසා එහි සරල ජීවීන් සිටීමේ ඉඩකඩ තව දුරටත් තහවුරු වන බව ප්‍රකාශයට පත් කළේ වොෂින්ටන් නුවර පැවති නාසා සම්මන්ත්‍රණයකදීය.

‘දියරයක් තිබෙන බව පෙනී යාමෙන් පැහැදිලි වන්නේ දැනට එහි ජීවයක් පැවතීමට ඇති ඉඩකඩයි. අඟහරු භූමියේ ජීවීන් ඇද්දැයි සොයා අනාගත අභ්‍යවකාශගාමීන් විසින් සිදු කරනු ලබන පර්යේෂණ වලට මෙම අලුත් සොයා ගැනීම් මගින් පහසුවක් ලබා දෙනු ඇත’ නාසා විද්‍යාඥයෝ පවසයි.

අඟහරු මත නොමිදුන ජලය දියර මට්ටමින් පවතින්නේද යන්න විද්‍යාඥයන් විසින් දිගු කලක් ගවේෂණය කරමින් සිටි කරුණකි.

N4 N1 N2 N3

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!