තායිලන්තයේ වජිරලොන්කෝන් හි රජු විසින් පසුගිය ජුලි මස පත් කළ රාජකීය බිරිඳගේ නිලතල සහ පදවි නාම ඉවත් කර තිබේ. වැරදි හැසිරීම සහ ද්‍රෝහිකම මීට හේතු වී ඇතැයි රජමාලිගය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.සීනනාත් වොන්ග්වජිරපක්ඩි බිරිඳගේ හැසිරීම අගෞරවයක් ලෙස සලකන බව අදාළ නිවේදනය සදහන් වේ.රජු සිය බිරිඳවන සුතීඩා රැජින සමඟ විවාහ වී මාස දෙකකට පසුව සීනනාත් වොන්ග්වජිරපක්ඩි රාජකීය උතුම් බිරිඳ ලෙස නම් කරනු ලැබීය. මෙම තත්ත්වයන් මත ඇයගේ සියලු රාජකීය නිලතල, නම්බුනාම, තත්ත්වයන් සහ හමුදා නිළයන් ද ඉවත් කිරීමට රජු නියෝග කර තිබේ.
