තමන්ගේ වත්තේ ඇති භව බෝග විනාස කරන රිළා රංචුවක් බිය ගන්වා පන්නා දැමීම සදහා කලු රෙද්දක් පොරවාගන වෙස් මූණක් දාගන වත්තට ගිය කාන්තාවක් නොසිතූ අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා. ඇය කලු රෙද්දක් පොරවාගන වෙස් මූණක් දාගන වත්තට ගොස් සිය නිවසට නැවත පැමිණෙමින් සිටින අවස්තාවේ ඇගේ මස්සිනා ඒ අසල ඇති පටු පාර දිගේ පැමිණ තිබෙනවා.ඇය දැක ඇගේ මස්සිනා බිය වී ඇයගේ හිසට පොල්ලකින් පහර දී පැන ගොස් තිබෙනවා.
මස්සිනාගේ පොලු පහරින් තුවල ලැබූ ඇය මේ වන විට බළන්ගොඩ රෝහලේ ප්රතිකාර ලබනවා.
මස්සිනා ඇයට පොලු පහර දී පලා ගිහින් තියෙන්නේ ඇය අවතාරයන් කියා සිතා බව වාර්තා වෙනවා. ඇයට පොලු පහර වැදුණු පසු ඇයි මල්ලියේ මට ගැහුවේ කියා ලතෝනි දී තිබෙනවා. ඔහු ඉන්පසුව තව අය එක්ක එකතු වෙලා ඇයව රෝහල් ගත කර තිබෙනවා. කොහොම වුණත් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කරන බව පවසනවා.