කහටගස්දිගිලිය ප්රදේශයේ පාසලක් තුළදී ගුරුවරියන් දෙදෙනකු අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් එක් ගුරුවරියක් තුවාල ලබා ප්රතිකාර සඳහා රෝහල් ගතකර ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.
පාසල තුලදී ඇතිවූ මෙම ගැටුමින් මෙලෙසින් ගුරුවරියක් තවත් ගුරුවරියකට තදබල ලෙස පහරදී තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධව පහරදුන් ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්රියාත්මක කර ඇතැයිද වාර්තා වෙනවා.
පාසලේ විදුහල්පතිවරයා ඉදිරිපිටදී මෙම ගුරුවරියන් දෙදෙනා මෙලෙසට පුද්ගලික කාරණයක් මුල්කර ගනිමින් බහින් බස් වී මෙම ගැටුම ඇති කරගෙන තිබෙන අතර පහරදීමෙන් තුවාල ලැබූ ගුරුවරිය කහටගස්දිගිලිය රෝහලටත් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිසිය වාර්තා කරනවා.
