කෑගල්ල මහ රෝහලට 14 දා සිය සැමියාගෙන් සහ ඔහුගේ අනියම් බිරිඳගෙන් සපාකෑමට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් ඇතුළත් කර තිබෙනවා.
ඇය කෑගල්ල,ගලිගමුව පදිංචි 30 හැවිරිදි කාන්තාවක් වන අතර 14 වන දා ඇය අනියම් භාර්යාව නිවසට ගෙන්වා සැමියා ඉදිරියේ අනියම් සම්බන්ධතාව පිළිබඳව විමසීම් කර තිබෙනවා. එම අවස්ථාවේ ඇය ජංගම දුරකථනය ඈතකින් තබා ඔවුන් දෙදෙනාගෙන් විමසීම සිදුකරන අවස්ථාව පටිගත කරන්න සැලසුම් කර ඇති බවට වාර්තා වෙනවා.
මෙය සැමියාට අසුවී ඔහු දුරකථනයට පහර දී ඇති අතර තමන්ගේ බිරිඳට ද පහර දී තිබෙනවා. පසුව සැමියාත් අනියම් බිරිඳත් එකතු වී ඇයගේ වම් අත අල්ලා මැණික් කටුව අසල සපා කා ඇති බවට පොලිසිය වාර්තා කරනවා.
පසුව ඇයව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර දැනට ඇය නේවාසිකව ප්රතිකාර ලබන බවට වාර්තා වෙනවා.
