මේ ලෝකේ දැන් හැමෝටම නැතිව බැරි දෙයක් තමා සෙල්ෆි ඡායාරූප කියන්නේ . ඒ පිස්සුව කොච්චරද කියනවා නම් නිදියහනේ ඉඳලත් කට්ටිය සෙල්ෆි ගහනවා.
කොහොම හරි මේ නිදියහනේ සෙල්ෆියක් නිසා ෆ්ලොරීඩා හොකී කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ජැරොමි ජැගර්ට මීට දින කිහිපයකට පෙර නිරූපිකාවක විසින් අපූරු තර්ජනයක් එල්ල කර තිබෙනවා.
ජැගර්ට එලෙස තර්ජනය කර තිබෙන්නේ 18 හැවිරිදි නිරුපිකාවක් විසින්.
ඔවුන් දෙදෙනා යහන්ගත වී සිටි අවස්ථාවක කැත්රින් විසින් ගනු ලැබූ selfie ඡායාරූපයක් සමාජ ජාල හරහා ප්‍රසිද්ධ නොකර සිටින්නට නම් ජැගර් විසින් ඩොලර් 2000ක මුදලක් තමන්ට ලබා දිය යුතු බවටයි කැතරින් තර්ජනය කර තිබෙනවා.
එයට පිළිතුරු ලෙස ජැගර් පවසා ඇත්තේ ඇගේ තර්ජන වලට තමන් බිය නොවන බවයි.
එම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් වූවා කියා තමන්ට කිසිදු හානියක් සිදු නොවන බව ඔහු පවසා ඇති බව වාර්තාවෙයි.
කෙසේ හෝ අදාළ මුදල නොලැබීම හේතුවෙන් කැත්රින් එම ඡායාරූපය සමාජ ජාල තුළ පළ කර තිබෙනවා.
හාස්‍යජනක කරුණ වන්නේ කැතරින් විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ එම ඡායාරූපයේ ඇය සිටින ඉරියව්ව අනුකරණය කරමින් ජැගර්ගේ රසික රසිකාවියන් ඔවුන්ගේ selfie ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට මේ වන විට ක්‍රියා කරමින් තිබීමයි.
කැතරින් විසින් අන්තර්ජාලයට එක්කළ තිබූ selfie ඡායාරූපය.
ජැගර්ගේ රසික රසිකාවියන් එයට පිළිතුරු ලෙස ඔවුන්ගේ සමාජ ජාල ගිණුම් වලට එක් කර තිබූ ඡායාරූප කිහිපයක්.
