කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා හුවමාරු වුණා.
අදාල පහරදීම සිදුවන අයුරු දැක්වෙන වීඩියෝව මාධ්‍ය හරහා පැතිරයාමත් සමග අදාල සැකකරු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම පහරදීම සිදුකර තිබුණේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැති අයෙකු විසින් බවටයි පොලිසිය සැකකරන්නේ.
මෙම සිද්ධියට සම්බන්ධ බවට පවසමින් කටාර්හි සේවයේ නිරත පුද්ගලයෙකුගේ ඡායාරූපයක්ද අන්තර්ජාලය පුරා හුවමාරු වීමට පටන් ගත්තා.
කෙසේ වෙතත් එම ඡායාරූපයේ සිටින පුද්ගලයා බවට සඳහන් අයෙකු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙම හිමිවරුන්ට පහරදුන් පුද්ගලයා තමන් නොවන බවයි.
එම වීඩියෝව පහතින්..
