2019 සඳහා ලොන්ලි ප්ලැනට් හි ඉහළම ගමනාන්තය ශ්‍රී ලංකාව නම් කරන ලද නමුත් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රටේ වේගයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තය විශාල වශයෙන් පීඩාවට පත්වුණා. නව ලෝක අංක 1 ශ්‍රේණිගත කිරීමත් සමඟ දැන් දේවල් වෙනස් වෙමින් පවතිනවා. මෙවර සංචාරකයින් විසින් සිදුකල ඡන්දය ප්‍රකාශ කිරීම මගින් ලෝකයේ හොඳම දූපත් අතරින් ශ්‍රී ලංකාව අංක 1 ලෙස නම් කර තිබෙනවා. ක්‍රියාකාරකම් සහ දර්ශන, ස්වාභාවික ආකර්ශනීය ස්ථාන සහ වෙරළ, ආහාර, මිත්රශීලිත්වය සහ වටිනාකම මත පදනම්ව ශ්‍රි ලංකාව මෙසේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
