මොහොමඩ් සරීම් අක්තාර්..
ඒ නම දැන් ඔබ කවුරුත් දන්නවා.
තත්පර ගණනක ඉරියව්වක් නිසා ලෝක ප්‍රසිද්ධ වුණු සරීම්ගේ මේ අපූරු ඉරියව්ව සහිත ඡායාරූපය යොදාගෙන ලංකාවේ වගේම ලොව අනෙක් රටවල උපහාසාත්මක ෆේස්බුක් පෝස්ට් හුවමාරු වුණා ඔබත් දකින්න ඇති.
සරීමේ මේ ඉරියව්වට මුල් වෙන්නේ 2019 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්ථානය හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයයි.
ඔස්ට්‍රේලියානු පිතිකරු එරොන් ෆින්ච් ශතකයක් රැස් කළ අතර එක් අවස්ථාවකදී එරොන් ෆින්ච් එල්ල කළ පන්දුවක් පාකිස්ථානු කණ්ඩායමේ මොහොමඩ් අසිෆ් අතහැර දැමුවේ පාකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සියල්ල මකා දමමින්.
එහිදී සරීම් විසින් ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය බපාපොරොත්තු සුන්වීම හා කෝපය පල කළේ මේ ඉරියව්වෙනුයි.
එම ඉරියව්ව තත්පර කිහිපයක් තුල ඉතා වේගයෙන් අන්තර්ජාලය පුරා හුවමාරු වුණා.
ඔහුගේ රුව සහිත ටීෂර්ට්ද නිර්මාණය වී තිබූ අතර ඒවා පැළඳ ක්‍රිකට් තරග නැරඹීමටද ප්‍රේක්ෂකයන් පැමිණ සිටියා.
මේ වනවිට meme guy යන නමින් හදුන්වා දෙන මොහු ලොව බොහෝ නාලිකාවලට සම්මුඛ සාකච්ඡා ලබාදී තිබුණා.
තවද ඔහුගේ නමින් යූටියුබ් නාලිකාවක්ද ආරම්භ කර තිබීම විශේෂත්වයක්.
