බදාදා පාර්ලිමේන්තුවේ දී ‘හදිසි නීතිය’ යළි සම්මත කිරීමේ ඡන්ද විමසීම පැවතුනා. මැයි මාසයේ දී ‘හදිසි නීතියට’ එරෙහිව ඡන්දය දුන් දෙමළ ජාතික සන්ධානය මේ පාර ඊට විපක්ෂව ඡන්දය දීලා තියෙනවා. මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ලොබියට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ඩී.වී. චානක මන්ත්‍රීවරයා ‘කාඩ් බෙදිල්ලක්’ පටන් අරගන තියෙනවා.
‘‘මල්ලිලා දෙන්නම බඳිනකම් ඉඳලා බඳින්නේ මොකද…?’’ සිය ආරාධනා පත්‍රය ලබාගනිමින් ප්‍රසන්න ඇසුවේය.
‘‘එහෙම නැතුව බෑනේ අයියේ. කලින් බැන්දා නම් මනමාලිට වෙන්නෙත් එෆ්. සී. අයි. ඩී ගානේ දුවන්න… අනික් එක ඉතින් මල්ලිලා බන්දලා දීලා බඳින එකනේ අයියගේ යුතුකම… ’’ නාමල් පැවසීය.
නාමල්ගේ මංගල ආරාධනා පත්‍ර බෙදමින් හිටපු ඩී. වී. චානක ‘ලොකු අමාරුවක’ වැටුණේ මේ වෙලාවේ . ගොඩක් අය හිතුවේ ඒ ඩී. වී. චානකගේ ‘මංගල ආරාධනා පත්‍රය’ කියලා.
‘‘කෝ එදා ඔයා කිව්වේ නාමල් බඳිනකම් බඳින්නේ නැහැ කියලනේ… මොකද මේ එකපාරටම බඳින්න හදන්නේ…?’’ ෂෙහාන් සේමසිංහ ඇසුවේය.
‘‘මේක මගේ නෙමේ… නාමල්ගේ…’’ ඩී. වී කීවේ ය.
‘‘එහෙම මිසක්… ඒක නෙමේ ඔයා බඳින්නේ කවද ද…? ’’ ෂෙහාන් යළි ඇසුවා.
‘‘බලමුකො, බලමුකෝ… ’’ කියමින් ඩී. වී. චානක හෙමින් සැරේ ලිස්සා ගියේ, ‘‘අයියෝ නාමල් ඔයා මාව දැම්මේ ලොකු අමාරුවක… ’’චානක තමන්ගේ හිතමිතුරු නාමල්ට දොස් කියලා තියෙනවා.