අද වෙද්දි ලංකාවේ හුඟක් දෙනෙක් You tube නාලිකා කරනවා.
මේ අතරින් මිලියනයක Subscribers ලා පිරිසක් සිටින නාලිකා ඇත්තේ එකක් දෙකක් පමණයි.
මේ අපි කියන්න යන්නේ ඒ විදිහට Subscribers මිලියනය ඉක්මවූ අලුත්ම සාමාජිකයා ගැනයි.
නිට්ටඹුව ප්රදේශයේ පදිංචි කුඩා දියණියක් තම මිත්තනියන් සමඟ ඉදිරිපත් කරන Cookery channel එකක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.
ශ්රී ලංකාවේ අපිට නුහුරු නාලිකාවක් වුනත් මෙය ලොව පුරා බොහෝසෙයින් ජනප්රිය නාලිකාවක්. ඒ බව මෙම නාලිකාවේ Video සදහා ඇති Comments වලින් මෙන්ම ශ්රී ලාංකිකයන්ටත් වඩා වෙනත් රටවල පුද්ගලයන් මෙම නාලිකාව Subscribe කර තිබීමෙන් තවුරු වෙනවා.
එමෙන්ම ලංකාවේ වැඩිම Subscribers ලා ප්රමාණයක් සිටින නාලිකා අතර තුන් වැන්නා ලෙසත් ආයතනයකට අයත් නොවන වැඩිම Subscribe ප්රමාණයක් හිමි නාලිකාව ලෙසත් හඳුන්වා දෙන්න පුලුවන්.
