ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය සඳහා ඉල්ලුම් පත් භාරගන තිබුණා. ඒ අතරින් හය දෙනෙකු තෝරගන එයිනුත් තුන්දෙනෙකු පිළිබඳව ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
එම තෝරාගත් හය දෙනා වශයෙන් මහේල ජයවර්ධන, දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන්, නවසීලන්තයේ මයික් හේසන්, එංගලන්තයේ ට්‍රෙවර් බේලිස්, ඔිස්ට්‍රේලියාවේ ටොම් මූඩි වගේම හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රී ඇතුළත් වන බවට වාර්තා වෙනවා.
ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නේ ලංකාවේ මහේල ජයවර්ධන සහ ගැරී කර්ස්ටන් යන දෙදෙනාටයි. මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පුහුණුකාර තනතුර දෙන්න ඉඩකඩ වැඩී කියලා තමයි වාර්තා වෙන්නේ. මහේල ජයවර්ධන වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංඛාවකට සහභාගී වෙලා තියෙනවා වගේම අයි.පී.එල් ශූරතාව දෙපාරක් දිනාගන්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවාද වුණා.
ප්‍රධාන පුහුණුකාර තනතුර සඳහා සුදුසුකම් ලෙස ඔවුන දක්වා තිබුණේ අවසන් වසර දෙකේදී ජාත්‍යන්තර අත්දැකීම් තිබීම සහ ටෙස්ට් තරඟ 30 හෝ එක්දින තරඟ 50ක් ක්‍රීඩා කර තිබීමයි.
කොහොම වුණත් විරාත් කෝලිගේ වැඩි කැමැත්ත රවි ශාස්ත්‍රී පුහුණුකරු ධූරයේ තියාගන්න කියලා තමයි වාර්තා වෙන්නේ
