Gossip

සිංහයන්ට සුපිරි ජයක් අත්කර දෙමින් ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් හැටි – Photos

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බංගලාදේශ ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව ලකුණු 91කින් ජයගගත්තා.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ එක්දින පිටියේ සමුගැනීමද මේ තරගයේදී සිදුවුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු අටක් දැවී ලකුණු 314 ක් රැස් කළා.
කුසල් ජනිත් ලකුණු 111 ක් රැස්කළා.
ඊට හතරේ පහර 17 ක් සහ හයේ පහරක් ඇතුලත්.
කුසල් මෙන්ඩිස් ලකුණු 47 යි.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48 යි.
සිය අවසන් එක්දින ඉනිම වෙනුවෙන් පිත්ත අතට ගත් ලසිත් මාලිංග නොදැවී ලකුණු 6 ක් රැස් කිරීමද විශේෂත්වයක්.
ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට පන්දුවාර 41යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 223ක් පමණයි.
මුෂ්ෆිකූර් රහීම් ලකුණු 67 ක් සබීර් රහමාන් ලකුණු 60ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 38කට කඩුලු 3ක් බිඳහෙලුවා.
සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරඟය අමතක නොවන තරඟයක් බවට පත්කරගත් මාලිංග, බංගලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තේ සිය දෑතින් ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් ලබාදෙමින්.
ඒ අනුව මාලිංග, ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම කඩුළු ප්‍රමාණයක් දවාගත් 9වන ක්‍රීඩකයා බවට පත්වන්නට සමත් වුණා.
නුවන් ප්‍රදීප්, ලකුණු 51කට කඩුළු 3ක් බිඳ හෙලුවා.
2004 වසරේ ජුලි 17 වැනිදා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට සුදු පැහැති පන්දුව ලසිත් අතට ගන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි.
එදා එක් කඩුල්ලක් දවා ගනිමින් ඇරඹි ඔහුගේ එක්දින ගමන්මග අද වන විට තරග 225 කදී දවාගත් කඩුලු 335කින් වර්ණවත් වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තෙවන වැඩිම එක්දින කඩුලු ලාභියා වන මාලිංග සතු එක්දින කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාව 3ක්.
ලොව අන් කිසිදු ක්‍රීඩකයෙක් එක්දින කඩුලු ත්‍රිත්ව දෙකකට වඩා වාර්තා කරන්නට සමත් වී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!