කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. නඩුව විභාගයට ගැනීමට පෙර කුරුණෑගල ජනාතාව විසින් නිහඬ විරෝධතාවයක් සංවිධාය කර තිබුණා.
අද(25) 9.00ට පමණ ආරම්භ කළ මෙම විරෝධතාවය සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කුරුණෑගල දිස්ත්‍රික්යේ හිටපු පළාත් සභ මන්ත්‍රීවරන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ද එක්ව සිටි බවට වාර්තා වෙනවා.
මේ වන විට වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගෙනවිත් ඇති බව ද වාර්තා වෙනවා.
අදාල නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණා.අදාල නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී චෝදනා වල බරපතලකම සහ මහජන කැලඹිමක් ඇතිවිය හැකි බැවින් සැකකාර වෛද්‍යවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්න අධිකරණය තීරණය කර තිබුණා.
අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි එල්ල වී තිබේන චෝදනාය.