රත්නපුරයට නුදුරු ගමක විවාහ වුණ ජෝඩුවක් ඉතා සමගියෙන් තමන්ගේ දරුවන් තුන්දෙනා එක්ක ජීවත් වෙලා ඉන්න අතරේ සැමියා වෙනත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගන යනවා කියලා බිරියට ආරංචි වෙලා තියෙනවා. ඒත් ඇය එම සම්බන්ධතාවයට කිසිම විරුද්දත්වයක් දක්වලා නැහැ. සැමියාට කියලා අනියම් බිරිදත් ගෙදරට ගෙන්නගෙන එකම ගෙදර කට්ටියම සතුටින් ඉදලා තියෙනවා. අනියම් බිරිදටත් දරුවන් තුන්දෙනෙක් ඉන්නවලු.
කොහොම හරි අනියම් බිරිද ගමේ ඉන්න තරුණයෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන ඔහු එක්ක පැන ගිහින් තියෙන්නේ දරුවන් තුන්දෙනා අන්යම් සැමියා ළඟ තියලා.
අනියම් බිරිය තමන්ව දලා ගිහින් කියලා දැනගත්තට පස්සේ ඇය නැතිව ඉන්න බැහැ කියලා සැමිය හොඳටම අඩන්න අරගන. මේක බලන් ඉන්න බැරුව විවාහක බිරිද වේවැල්වත්ත පොලිසියට ගිහින් ‘අනේ සර් මගෙ මනුස්සයාගෙ අනියම් බිරිය දලා ගියා කියලා අඬනවා.සර් මට බලන් ඉන්න බැහැ.කොහොම හරි එයාව ගෙනත් දෙන්න.’ කියලා ඇය පොලිසියේදී හොඳටම අඬලා තියෙනවා.
පොලිසිය හොරෙන්ම ගිය දෙන්නව පොලිසියට ගෙන්නලා කරුණු වටහල දීලා නැවත අනියම් සැමියා සහ ඔහුගේ බිරිද ලඟට යන්න කැමති කරවගන තියෙනවා.