ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් මගින් ලසිත් මාලිංග ඉල්ලීමක් කර තිබෙනවා.
මේ මගේ බිරිඳගේ ෆේස්බුක් ගිණුමෙන් තමයි මේ ලයිව් එන්නේ.. මම ෆේස්බුක් පාවිච්චි කරන්නේ නේ.. පළමු බංග්ලාදේශ සංචාරයේදී මම එක්දින පිටියට සමුදෙනවා කියලා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. අද මම ඒක සහතික කරනවා.. මගේ අවුරුදු 16 ක ක්‍රිකට් ජීවිතේ සෑම අභියෝගයක්ම ජයගන්න මගේ දක්ෂතාවය මත කණ්ඩායමේ රැදෙන්න හැමෝගෙම ශක්තිය ලැබුණා.. ඒ නිසා මම හිතනවා ඔය සියළු දෙනාම මට සහයෝගය දීලා හිටපු එකට. ඒ වගේම මම ඉල්ලා සිටිනවා හැකිනම් 26 වැනිදා කෙත්තාරාම ක්‍රීඩා පිටියට ඇවිත් මම ක්‍රීඩා කරන අවසාන තරගය නරඹන්න එන්න කියලා.. මොකද ආයෙත් මාව එක්දින ක්‍රිකට් පිටියේ දකින්න ලැබෙන්නේ නෑ.. මෙච්චර කාලයක් මාව කණ්ඩායමෙන් එළියට දාන්න උත්සහ කරපු හැමෝටමත් ස්තූතියි..