කිඹුලන්ට හාදු දෙන මේ පුද්ගලයා ගැන අපට අහන්න ලැබෙන්නේ කොස්ටා රිකාවෙන්. ලෝකයේ කිඹුල්ලුන් වැඩි වශයෙන් සිටින ටාර්කොල්ස් ගඟ යාත්රා කරන්න සංචාරකයින් බොහොමයක් වාර්ෂිකව කොස්ටාරිකවට පැමිණෙනවා.මෙසේ පැමිණෙන සංචාරකයින්ව සංචාරක බෝට්ටුවට ගෙනවා ගන්න ජුවාන් සාරදාස් නැමති පුද්ගලයා මෙසේ කිඹුලන් සිපගන්නවා කියලා තමා වාර්ථාවෙන්නේ. ඔහු පවසන්නනේ කිඹුලන් සිප ගැනීම හා පොෂණය කිරීම ඔහුගේ විනෝදාංශය බවයි.මෙහි සිටින කිඹුලන්ගෙන් බොහෝ දෙනෙක් ඇමරිකානු කිඹුලන් වන අතර කකුල් හතරෙන් ඇවිද යා හැකි එකම විශේෂයි. ඔවුන් අඩි 17ක් පමණ දිගට වැඩෙන අතර රාත්තල් සිය ගණනක් බරකින් යුක්ත වෙනවා.
නමුත් ජුවාන් පවසන්නේ ඔවුන් අප විශ්වාස කරන තරම් ආක්රමණශීලී නැහැ කියලා.ජුවාන් නිසාම මෑත වසරවලදී සංචාරක ආකර්ෂණය වැඩි බව වාර්ථා වෙනවා.
