ටෙනිසන් කුරේ කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය විකට නළුවෙක්.
ඔහු ආ ගමන්මග ගැන ටෙනිසන් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා..
අපි මුලින්ම ඔබේ පවුලේ විස්තර කතා කරමු?
අපේ තාත්තගෙ නම මෙරෙඤ්කුගේ එඩ්ගා ස්ටැන්ලි ආතර් කුරේ. තාත්තා ඉංග්‍රීසි සාහිත්‍ය දැනුම හොඳට තිබුණ කෙනෙක්.
තාත්තා බොහොම ප්‍රියකළ ඉංග්‍රීසි කවියෙක් හිටියා. නම’නෝඩ් ටෙනිසන්’ ඒ කවියාගේ ටෙනිසන් නමතමයි මට දාලා තියෙන්නේ.
අම්මාගේ නම හේරත් මුදියන්සේලාගේ රන්මැණිකා. පවුලේ දූ දරුවන් හත්දෙනයි. මං පවුලේ දෙවැනියා.
ඉගෙනගත් පාසල?
මුලටම අකුරු කළේමොරටුවේ විල්ලෝරාවත්ත රෝමානු කතෝලික පාසලෙන්. ඊට පස්සේ කැස්බෑව ජූනියර් පාසලට ඇතුල්වෙලා ඉගෙන ගත්තා.
පුංචි කාලෙදිම කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?
ඔව්. අපේ පල්ලියේ සමාජ සංගම්වලින් නිර්මාණ කෙරුණු පුංචි පුංචි නාට්‍යවල පුංචි පුංචි චරිත රඟපෑවා.
ලොකු ලොකු චරිත කරන්නගියේ කොයි කාලෙද?
මං හත්වැනි පන්තියේ ඉගෙනගන්න කාලෙදිලොකු වැඩක් කරන්න ගියා.
කියන්න බලන්න?
මොරටුවේ ලක්ෂපතියේ තිබුණා විකට චරිත රඟපෑමේ තරඟයක්. එදා මම මගේ සහායට යාළුවෙකුත් එක්කරගෙන ගියා බයිසිකලයෙන්.
මොනවද ඉතින්,මේ ටෙනියයි, යාළුවයි වින් කළා. අපට තෑගි ප්‍රදානය කළේජෝ අබේවික්‍රම මහත්මයා සහ අනුලා කරුණාතිලක මහත්මිය අතින්.
මොකක්ද තෑග්ග?
තෑග්ග ලොකුයි. හරිම සැහැල්ලුයි. හැබැයි රවුම්. කඩදාසිවලින් ඔතලා තිබුණේ.
ඉතින් අපි තෑග්ගක් අරගෙන ආවා බයිසිකලය ගන්න. හුටා… බයිසිකලය නැහැ…
හොරු අරන් ගිහිල්ලා. මොනවා කරන්නද? අපි දෙන්නා පයින්මගෙදර ආවා.
තෑග්ගෙන් කොටසක් යාළුවටත් දෙන්න හිතාගෙන කොළේඉරලා බලනකොට මොකක්ද දන්නවද තිබුණේ? ලොකු සාස්පානක්. මම හිතන්නේ තෑග්ග මාරු වෙලා. ඒත් මම නිකන් හිටියේ නැහැ. තෑග්ග හරියට දෙකට බෙදුවා. පියන යාළුවට දුන්නා. මං සාස්පාන ගත්තා.
පන්තියේදිත් ඔයවගේ විකට වැඩ කළාද?
මේ එකක්වත් මං හිතල කළ දේවල් නෙවෙයි හොඳේ. මෙන්න එකක්. පන්තියේ සර් කිව්වා මුහුදු වෙරළේ ධීවරයින් දැල් අදින දර්ශනයක් අඳින්න කියලා.
මම ගත්තා චිත්‍ර පොත. වළාකුළු ටිකක් එක්ක අහස ඇන්ඳා. නිල්පාටලාවට ගාලා මුහුද ඇන්ඳා. ඊට පස්සේ පොල් ගහක් ඇන්ඳා. ඒ ගහේගැටගහපු කඩයකුත් ඇන්ඳා. එච්චරයි. චිත්‍රය පෙන්නුවා සර්ට.
“කෝ යකෝ දැල් අදින මිනිස්සු?“කියලා සර් වේවැල ඉස්සුවා විතරයි,මම දෙකට නැමිලා සර්ට වැඳලා මෙහෙම කිව්වා.
“සර් කට්ටියම උදෙන්ම ඇවිත් දැල් අදින්න පටන්ගත්තා. ටිකක් මහන්සියි කියලා ඔක්කෝමලා ගියා තේ බොන්න… දැන් එනවා ඇති”
වේවැල් පාර වැදුණද?
මොන පිස්සුද? සර්ට හිනා ගියා. මේ කතාව අහගෙන හිටපු ටීචර්ලාටත් ළමයින්ටත් හිනා ගියා.
ඒ පුංචි ටෙනිසන්ගේ විහිළු කතා. ඔබඉගෙනීමට කොහොමද?
ඉගෙනීමට සාමාන්‍යයි. හැබැයි ගහගන්නනම්දක්‍ෂයි. ඒ දවස්වල නිතරම ෆයිට් එකට තමයි බර. දකින දකින කොල්ලෙක්ගෙන් අහන්නේ “මොකද කියන්නෙ චැලෙන්ජ් කරලා ගහගමුද?‘“ කියලයි.
ඉතින් චැලේන්ජ් කරලා ගහගෙන තියෙනවද?
අපොයි ඕන තරම්. එක දවසක් මහ වැස්සෙ තෙමි තෙමී චැලේන්ජ් කරලා ගහගත්තා. “කමෝන් ටෙනී..”ගැහැණු ළමයි මට සපෝර්ට් එකට කෑගහන්න පටන් ගත්තා.
මගේ යාළුවෝ රණ්ඩුව බේරන්න ආවා. ඒත් ෆයිට් එක දිගටම ගියා. ඒත් එක්කම වැස්ස පෑව්වා. ෆයිට් එකත් නතර වුණා.
ඇත්තටම ඉස්කෝලෙ ළමයි අතරේ මට මාර ජනප්‍රියත්වයක් තිබුණා. විශේෂයෙන් මං පොත් කියවීම පුරුද්දක් කරගෙන හිටපු නිසා. ඔන්නඔය කාලෙතමයි ‘ගොළු හදවත’ නවකතාවමගේ අතට පත්වුණේ.
හැමෝම ඒ නවකතාව මගෙන් ඉල්ලගෙන කියෙව්වාට පස්සෙ කෙල්ලො ටික දම්මිලා වුණා. කොල්ලො ටික සුගත්ලා වුණා.
ඉතින් කියන්නකෝ පන්තියේ හිටපු දම්මිලාගෙ සුගත්ලගෙ ගනුදෙනුව ටිකක්?
කෙල්ලො ඔක්කොමලා වෙරළු ගෙනැල්ලා ‘ස්…ස්…ස්…’ කියලා කොල්ලන්ට දෙන්න පටන් ගත්තා.
ඉතින් ටෙනීටත් දම්මි කෙනෙක් ‘ස්…ස්…ස්…’ කියලා වෙරළු දුන්නෙ නැද්ද?
අයියෝ දුන්නා… දුන්නා…
ඉතින් අවාසනාවකටවත් ටෙනී සුගත් කෙනෙක් වුණාද?
මොන පිස්සුද? ඉස්කෝලෙන් අස්වෙලා එනකොට ඔක්කොම දම්මිලා ඉස්කෝලෙ නවත්තලා මං තනියම ගෙදර ආවා.
ටෙනිසන් කුරේ පුත්‍රයා ගැන ගෙදර වැඩිහිටියන් මොනවගේ බලාපොරොත්තුවක්ද තියාගෙන හිටියේ?
පඩි උඩින් මෝටර් බයිසිකල් පැදගෙන යනවා වගේ මාරස්පෝර්ට්ස් වැඩ ගොඩක් මගේ ළඟ තිබුණා.
මේ වැඩවලට අපේ අම්මා බයවෙලා මගේ කේන්දරේබලවලා තියෙනවා. එදා තමයි ඒ ගුරුන්නාන්සේ කියලා තියෙන්නේමේ ළමයා මහණ කරන්නකියලා.
ඔන්න ඔය දවස්වල හේමසිරි සෙල්ලප්පෙරුම කියන මගේ යාළුවා අපේ ගෙදර එන්න පටන්ගත්තා අපේ තාත්තගෙන්ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔය කාලෙදි හේමසිරි පික්චර් පිස්සෙක්. මටත් ගාණකට පික්චර් පිස්සුව හැදිලයි හිටියේ.
පික්චර් පිස්සුව හැදිලාහිටපු හේමසිරි එකදවසක් මට මෙහෙම කිව්වා.
“මචං ටෙනී, මම කවදාහරි පික්චර් එකක් හදනවා. එදාට ඒ පික්චර් එකේ රඟපාන්න මං උඹවත් ගන්නවා”
වැඩේ හරිගියාද?
මචෝ… දෛවය කියන්නේ මාර දෙයක්. එක දවසක් මං නුගේගොඩ පැත්තේ පයින් යනකොට දැක්කා ගෙදරක් ළඟ සෙනඟක් මැද්දේ හේමසිරි ඉන්නවා.
බැලින්නම් චිත්‍රපටයක ෂූටින්. හේමසිරි මාවදැක්කා විතරයි“මචං ටෙනී” කියලා ඇවිත් මාව බදාගත්තා. මට මේ වෙලාවේ මාර තැන. මොකද දන්නවද? ඒ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා හේමසිරි.චිත්‍රපටය ‘වසන්තී’
මිනිහා පොරොන්දුව ඉෂ්ට කළාද?
මොකද නැත්තේ? මට පොඩි පාට් එකක් දුන්නා ඇක්ට් කරන්න. කොහොමහරි’වසන්ති’ චිත්‍රපටයේ විනාඩි විස්සක විතර කොටසකමගේ රඟපෑම් තිබුණා.
ප්‍රථමයෙන්ම මට චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව දීම ගැන මං අදත් හේමසිරිට හිසනමා ගෞරව කරනවා.
ඊට පස්සේ?
ඊට පස්සේ දිනේෂ් ප්‍රියසාද් මුණගැහිලා මට කිව්වා“චිත්‍රපට කතාවක්ලියන්න“ කියලා. මගේ කතාව දෙබස්, තිරකතාව අනුව නිෂ්පාදනය කෙරුණු ඒ චිත්‍රපටය තමයි ‘නොම්මර 01’. මමත් රඟපෑවා. ඒකත් සාර්ථකයි.
ඊළඟට මගේ තිරපිටපතකට අනුව දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ’පෙරළිකාරයෝ’.ඒ 1984 දී. ඒකත් අතිසාර්ථක වුණා.
මගේ තිරපිටපත් ගැන පැහැදිලා විජය කුමාරතුංග මාව උනන්දු කළා. ඒ අනුව තමයි ‘වරදට දඬුවම්’ කතාව ලියවුණේ. මේ චිත්‍රපටය නම් නහුතෙට දිව්වා. ඒත් විජේට ඒ චිත්‍රපටය බලන්න බැරිවුණා.
මේ වෙනකොට ටෙනී ගොඩක් දියුණුයි?
ඔව්…ඔව්… ඊට පසුව අපි ‘දෙමෝදර පාලම’ චිත්‍රපටය කරන්න ලෑස්ති වුණා. මේ චිත්‍රපටයට ගාමිණී ෆොන්සේකා තෝර ගත්තාම ගාමිණී රඟපාන චිත්‍රපටයක රඟපාන්නබයත් හිතෙනවා කියලා මම නතර වුණා. දිනේෂ් ප්‍රියසාද් කිව්වා. වැඩ දන්නවා නම් බයවෙන්න එපා කියලා.
ඉතින් ගාමිණී එක්ක රඟපෑවාද?
ඔව්.. බයෙන් බයෙන් රඟපෑවා.
ගාමිණී එක්ක රඟපානකොට අමතක නොවන හොඳම මතකය මොකක්ද?
‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ ප්‍රධානචරිතය රඟපෑවේ ගාමිණී. ඒ චරිතයේ නම ‘චුට්ටෙ අයියා’. ඔන්න චුට්ටෙ අයියා හිරෙන් නිදහස් වෙලා එන දර්ශනපෙළ රූගත කරන්න කැමරාව රෙඩි කළා.මට තිබුණා කෑගහලා වචන ටිකක් කියන්න මෙහෙම.”අඩෝ.. චුට්ටෙ අයියා හිරෙන් නිදහස් වෙලා එනවා. අපි පාවඩදාලා පිළිගන්න ඕනේහරිද?”
මම මේ වචන ටික කිව්වම ගාමිණී කැමරාව නවත්වන්න කිව්වා. ඊට පස්සේ ගාමිණී මං ළඟට ඇවිත් කිව්වා ‘අඩ්ඩෝ’ කියන වචනය බොක්කෙන්ම කියන්න කියලා.
කිව්වද?
මොනවද අහන්නේ? ‘අඩ්ඩෝ’ කියලා බොක්කෙන්ම කිව්වා. එතකොටම ගාමිණී මගේ කරට අතදාගෙන ටෙනී මට හරිම ආඩම්බරයි කිව්වා.
හොඳ සහතිකයක්?
ඔව්. ගාමිණී ෆොන්සේකා කියන සිනමා සක්විතිගෙන් සහතිකයක් ලබාගත්තු මේ ටෙනී වේදිකා නාට්‍ය 10ක රඟපාලා තියෙනවා. අති සාර්ථක වූ චිත්‍රපට තිරපිටපත් 20ක් ලියලා තියෙනවා. චිත්‍රපට 100 විතර රඟපාලා තියෙනවා. චිත්‍රපට 01ක් අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. නම ‘තැන්ක් යූ බර්ටි’ කතාව මගේ.
ටෙනීගේ නිවසේ කතාවත් කියන්න බලන්න?
මගේ ආදරණීය බිරිඳ මල්සිරි කුරේ. එයා අපේ දුර ඥාතියෙක්. අපේ එකම දුව මධුමිහිරි කුරේ. බිෂොප් විද්‍යාලයේ ගුරුවරියක්. බෑණා චතුරංග ප්‍රනාන්දු. එයා ව්‍යාපාරිකයෙක්. මුණුපුරා චන්දෘ මිතුෂ්ක. මිණිබිරිය මින්ද්‍රි. අපි සියලු දෙනාම සතුටින් සැපෙන් සිටිනවා. ඔබලාටත් එසේම වේවා.
උපුටා ගැනීම – අද පුවත්පත
