නවසීලන්ත කණ්ඩායම ලකුණු 119 කින් පරාජය කරමින් වසර 27කට පසු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට පිවිසීමට එංගලන්තයට ඊයේ හැකිවුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේදී ලකුණු 305 ක් රැස් කළා.
ජොනී බෙයාර්ස්ටෝ වේගවත් ලකුණු 106ක් රැස් කළා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 45ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 186ක් පමණි.
ටොම් ලැතම් ලකුණු 57ක් රැස් කළා.
නවසීලන්ත කණ්ඩායම මෙවර තරඟාවලියේ අඛණ්ඩව ලැබූ 03වන පරාජය ද මෙයයි.
ඔවුන් මේ දක්වා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිස සිටින කිසිදු කණ්ඩායමක් පරාජයට පත්කර නොතිබීම ද විශේෂත්වයක්.
පාකිස්තානය එළඹෙන තරඟයේ දී බංග්ලාදේශය පරාජය කළහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද නවසීලන්තයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හා සම වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවලට ද යම් බලපෑමක් එල්ල වී තිබෙනවා.
