Gossip

පරාජයෙන් පසු දිමුත් කියපු කතාව – වීඩියෝ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් ලැබූ පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු දැක්වූ අදහස් පහතින්….,

“හැමකෙනෙක්ම පිටියට එන්නේ හොඳ තරගයක් බලන්න. එයාලා එන්නේ හුගක් දුර ඉදන්, එයාලගේ මුදල් ගොඩක් වියදම් කරමින්.
ඔවුන්ට හොද තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව සලසාදීමට අපට අවශ්‍යයි.
පරාජයට පත්වීම එක් පැත්තක් විතරයි. ඒත් ඔවුන් වෙනුවෙන් අපට සටනක් දෙන්න තිබුණා. 130ක් පමණක් ලබාගැනීම කණ්ඩායමක් වශයෙන් හොඳ තරගයක් නෙමෙයි.
පුද්ගලික මට හුගක් දෙනෙක් සුබ පැතුවා පළමු තරගය හොදින් කරගන්න කියා. හැමකෙනෙක්ම පළමු තරගය දිහා හොදින් බලාගෙන හිටියා.
හොද තරගයක් දුන්නා නම්, මේ තරම් පරාජයකට පත්නොවනු ඇති.
අපිට හොදට පන්දුවට පහරදෙන්න බැහැ කියලා අපි ඔළුවට දාගත්තොත් අපිට බැහැ හොද ලකුණු සංඛ්‍යාවක් අපේ ලකුණු පුවරුවට දාගන්න.
අපේ හැකියාවන්ට සීමාවක් තියෙනවා, අනෙක් කණ්ඩායම් සමඟ සසඳනවා නම් ඇත්තෙන්ම අපි සීමිත දක්ෂතා සහිත පැත්තක්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!