facebook හරහා මේ දවස්වල මට බරපතළ සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.
මම මගේ facebook ගිණුම හරහා ඒ ගැන මගේ රසික රසිකාවියන් දැනුවත් කළා.
මේ දිනවල විකාශය වන “සංගීතේ” ටෙලි නාට්‍යයේ අසෙනිගේ චරිතයට සම්බන්ධ වුණාට පස්සේ ඒ රසික ආකර්ෂණය ගොඩක් වැඩි වුණා.
ඒ ජනප්‍රියත්වයත් එක්කම තමයි මේ කියන සිදුවීමට මට මුහුණ දෙන්න සිදුවුණේ.
මේ දවස්වල “සංගීතේ” ටෙලි නාට්‍යයත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න හින්දා මට නිතරම facebook පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ.
හැබැයි ඉඳහිට ලැබෙන විවේකය අනුව මම facebook යනවා. ඒ හැම අවස්ථාවකම මම දකින දෙයක් තමයි Masanger හරහා පණිවුඩ ගොඩක් මගේ facebook ගිණුමට ඇවිත් තියෙන බව.
ඒව එවන අය අතරින් බහුතරයක් මගේ රසිකයෝ. විවේකයක් හොයාගෙන හරි ඒ Masange කියවන්නත්, පුළුවන් විදියට පිළිතුරු යවන්නත් මම අමතක කරන්නේ නෑ.
මීට සති දෙක තුනකට කලින් එක්තරා දවසක මම විවේක අවස්ථාවක Masanger හරහා මට ඇවිත් තිබුණු Masange ටික කියෙව්වා. ඒ වෙලාවේ මම ගොඩක් සසල වුණා.
ඒ හැම Masange එකකම තිබුණේ එකම දෙයක්.
“ඔයා ගැන වැරදි කතාවක් facebook හරහා Share වෙනවා.”
ගොඩක් දෙනෙක් දාලා තිබුණේ ඒ පණිවුඩයයි. ඒ අය ඒ ගැන වැඩි විස්තර දාලා තිබුණා. සමහරු Screen Shot පවා එවලා තිබුණා.
ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ මේකයි. මගේ නමට කැළැලක් ඇති වෙන විදියේ මා ගැන නරක ප්‍රතිරුපයක් මවන Link එකක් මගේ Link එක්ක දාලා facebook එකේ Share වෙනවා. හැබැයි ඒ Link එක open කළාම තියෙන්නෙ Google Add විතරයි. ඒක රැවටීමක්.
මේ රැවටීම කළේ කවුද එහෙම කළේ ඇයි කියලා මම හොයලා බැලුවා. ඇත්තම කියනවා නම් පහුගිය සති දෙක තුන තුළ මම දිගින් දිගටම කළේ අදාළ අංශවලට පැමිණිලි කරලා මේ සිදුවීමේ සුලමුල සොයා බලපු එකයි. අන්තිමට මම එක දෙයක් හොයා ගත්තා.
මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන්නේ Page Admin ලා. ඒ අය මේ විදියට ජනප්‍රිය අයගේ (විශේෂයෙන්ම නිළියන්ගේ) Photos දාලා බොරු Link හදනවා. ඒ Link එකේ සඳහන් වන්නේ ඒ නිළිය ගැන වැරදි පුවතක්. ඒ පුවත වැඩිදුර දැන ගන්න Link එක open කළ යුතු බවයි.
ඒවායේ සඳහන් වෙන්නේ. ඒත් Link එක open කළාම ඔය කියන විදියේ කිසිම දෙයක් එහි නැහැ.
ඇත්තම කීවොත්, මිනිස්සු රැවටීමක් විතරයි එතැන තියෙන්නේ. හැබැයි මේ Link එක open වන වාරයක් පාසා ඒ අයට ඩොලර් වලින් ආදායමක් ලැබෙනවා.
මගේ නම සඳහන් කරලා දාලා තියෙන Link එක දැක්ක හැටියෙම තමයි මගේ රසික පිරිස් ඒ ගැන මට Masange කරලා තියෙන්නේ. ඒත් මගේ කාර්යබහුලකම හින්දා මම ඒ Masange දැක්කේ ඔවුන් මට Masange එවලා දවස් තුනකට පස්සෙයි.
ඒ දවස් 3 තුළ අර Link එක හයසිය ගණනක් Share කරලා.
ඒ අතර කී දාහක් අය ඒක Open කළාද? ඒ හරහා ඩොලර් කොයිතරම් ආදායමක් ලැබුවාද කියන්න නම් මම දන්නේ නැහැ.
මේකට සම්බන්ධ Page admin ලාට වෙන වෙනම අමතලා වහාම මේක ඉවත් කරගන්න කියලා මම ඔවුන් දැනුවත් කළා. මේ ලිපිය කියවන අය අතර තවමත් ඒ Link එක තියාගෙන ඉන්න අය ඉන්නවා නම් වහාම එය ඉවත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා.
මොකද තව ටික දවසක් බලලා මම මේ වැඩේට විරුද්ධව නීතිය ඉදිරියට යන්නයි හිතාගෙන ඉන්නේ.
උපුටා ගැනීම – ලක්බිම පුවත්පත
