ජාතික තව්හිද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධාන ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 27 වනදා මෙම සංවිධාන තහනම් සංවිධාන ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇති බවට දැන්වීමක් නිකුත් කළත් ගැසට් නිවේදනයක් මගින් එය ක්‍රියාත්මක කර තිබුණේ නැහැ.
කෙසේවෙතත් අද දිනයේ මේ සංවිධාන තහනම් කිරීමට අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.