පසුගිය ඉරිදා දින මෙරට දේවස්ථානවල සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාව විසින් අනතුරු ඇඟවීම් තුනක් සිදුකර තිබෙන බවට ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ එලෙස සිදුකල අනතුරු ඇඟවීම් තුනෙන් එක් අනතුරු ඇඟවීමක් ප්‍රහාරය එල්ල කෙරුණු දිනයේ උදෑසන සිදුකර ඇති බවයි.
ප්‍රථම අනතුරු ඇඟවීම ඉන්දීය විසින් සිදුකර ඇත්තේ අප්‍රේල් 4 වන දින වන අතර ඒ වනවිටත් තව්හිඩ් ජමාත් සංවිධානයේ නායකයා නිරූපණය කරන වීඩියෝ අධ්‍යනය කිරීමක්ද ඔවුන් සිදුකර තිබුනා. ඉන්දියාව විසින් සිදුකල පළමු අනතුරු ඇඟවීමෙන් පවසා තිබුනේ මෙම ත්‍රස්ත සංවිධානයේ ඉලක්කයන් ලෙස දේවස්ථාන වලට අමතරව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද ඉලක්කයක් වී තිබූ බවයි.
කෙසේ නමුත් ප්‍රහාරයට පෙර දිනයේ දී නැවතත් ඉන්දීය බුද්ධි අංශ සමග එකතුව ඉන්දියාව ලංකාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති අතර එමගින් අදාල ත්‍රස්ත සංවිධානය පහරදීමට සූදානම් ඉලක්ක වඩාත් නිරවද්‍ය ලෙස පවසා තිබුන බවයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
මේ අතර ශ්‍රී ලාංකික බලධාරීන් අදාල අනතුරු ඇඟවීම් එතරම් සලකා නොමැති අතර ඔවුන් දිවයින පුරා අදාල පාර්ශව වෙත දැනුවත් කිරීමක් සිදුකලේ අප්‍රේල් 11වනදා බවයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.