පසුගිය ඉරිදා රට තුල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම භාර ගනිමින් තනතුරුවලින් ඉවත්වන ලෙස ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම්දී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
බුද්ධි අංශවලින් ලැබුනු තොරතුරු නිසි පරිදි භාවිත කරමින් සිදුවු විනාශය වලක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ජනපතිට ලිපියක් භාරදුන් බවද වාර්තාවනවා.