Gossip

මරාගෙන මැරෙන බෝම්බ හදලා තියෙන්නේ වැල්ලම්පිටයේ තඹ කර්මාන්ත ශාලාවක? – ඡායාරූප

කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට සඳහා යොදා ගත් බෝම්බ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවකදී නිපදවන්නට ඇති බවට “ඩේලි මේල්“ පත්‍රයෙහි “MailOnline“ වෙබ් අඩවිය විසින් සඳහන් කර තිබෙනවා.

මෙම තඹ කර්මාන්ත ශාලාව කොළඹ සුපිරි හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල අයෙකුට අයත් බවටයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹ අනෙක් සුපිරි හෝටල් දෙක තුළදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇත්තේ මෙම කර්මාන්ත ශාලාව හිමිකරුගේ සොහොයුරන් බවටද තොරතුරු හෙළිව තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ කර්මාන්ත ශාලාව පරික්ෂා කළ විමර්ශකයින් සැකකරන්නේ එම ස්ථානයේදී බෝම්බකරුවන් කොළඹදී පුපුරා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ සකස් කරන්නට ඇති බවයි.

එම මරාගෙන මැරෙන බෝම්බය සඳහා ඔවුන් ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් “triacetone triperoxide“ හෙවත් IS සංවිධානය විසින් “සාතන්ගේ මව” යනුවෙන් හඳුන්වන මුල ද්‍රව්‍ය යොදා ගන්නට ඇති බව වෙබ් අඩවිය වාර්තා කරනවා.

තවද මීට පෙර 2017 මැන්චෙස්ටර් සහ 2015 වර්ෂයේදී පැරිසියේදී IS සංවිධානය විසින් පුපුරුවා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට යොදා ගනු ලැබුවේද මෙම ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් “triacetone triperoxide“ නම් අමුද්‍රව්‍ය බවද හෙළිව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!