පසුගිය 21 වන පාස්කු ඉරු දින මෙරට සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශණය සඳහා අමෙරිකාවේ එෆ්.බී.අයි. නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් කියා සිටියේ ඔවුන් මෙම ප්‍රහාර සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට සහය ලබාදෙනු ඇති බවයි.
මීට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සඳහන් කළේ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා සහය වීමට එෆ්.බී.අයි සහ ඉන්ටපෝල් නිලධාරීන් ද ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.