තරුණයෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදි පොලිස් නිළධාරීන් ක්‍රියා කරන ආකාරය රැගත් විඩියෝවක් පසුගිය දිනවල ඉතාමත් සීඝ්රයෙන් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වුණා.
එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීගම පොලිසිය විසිනුයි.
මෙම තරුණයා තමන්ව අත් අඩංගුවට ගන්නේ නිරපරාදේ යැයි පවසන විටත් සිවිල් ඇදුමෙන් සැරසි සිටින පොලිස් නිළධාරින් දෙදෙනා එම තරුණයාට පහර කිහිපයක් එල්ල කොට දෑත්වලට මාංචු දමා රැගෙන යාමට උත්සහ දරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
කෙසේවෙතත් පොලිසියේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වන්නේ යම් කෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිළධාරීන්ට පහර දීමේ හැකියාවක් නොමැති බවයි.
කෙසේවෙතත් මෙම සිදුවිම සම්බන්ධයෙන් එම පොලිියෙන් මාධ්‍යයට අදහස් දක්වා තිබුණේ මෙලෙස අත් අඩංගුවට ගැනිමට යාමෙදි විරෝධය පලකළ තරුණයා මිට පෙර නීතිවිරෝධි මත්පැන් ප්‍රවාහනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයෙක් බවයි.
එසේ වුවත් මෙම සිදුවිම සම්බන්ධයෙන් දැනට ඉහළ නිළධාරින්ගේ අණ පරිදි පරික්ෂණයක් සිදු කරමින් සිටින බවද රිදීගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.