හොලිවුඩ්

එමිලි රහස් ලොවටම පෙන්නයි

නළු නිළියන් කියන්නේ ඉතින් ශරීරය ගැන ඕනෑවටත් වඩා හිතන පිරිසක්නේ. නළු නිළියන් වගේම ලොවපුරා සිටින නිරුපණ ශිල්පීන් මෙන්ම ශිල්පිනියනුත් මේවගේම පිරිසක්. ඉතින් මේ අය තමන්ගේ ශරීරය ගැන හිතන තරම් කොතෙක්ද කිවුවොත් ඇතැම් විට විවිධාකාර ප්‍රතිකාර ලබා ගැනීම් නිසා මරණය පවා අත්කර ගත් කතාන්තර එමටයි.

අද කියන්නේ මේ සියලු දේ අතර තම සිරුර කාලයක පටන් සිහින්ව පවත්වාගෙන යන නිරුපිකාවක් ගැන. ඇය තමයි එමිලි රතාජ්කොව්ස්කි. රොබින් තික්ගේ සංගීත වීඩියෝවක් වන “Blurred Lines” හරහා අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගන්නා එමිලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයේ සරාගී තරුවක්.

ඇය පසුගියදා තම සිහින් සිරුරේ රහස් ලෝකෙටම අනාවරණය කළා. ඇය කියන විදියට සිරුර සිහින්ව පවත්වාගෙන යාමට විශේෂ කිසිවක් ඇය නොකරයි. අඩුම තරමින් gym එකකටවත් යන්නේ නැතිලු. ඒ වගේම එමිලි කියන්නෙ ඇය ආහාරයට ගන්නා දෙයට ඇලුම් කිරීම සිරුරේ සිහින් බවේ රහස කියලයි. මීට අමතරව කහ සහ බීට් යුෂ පානය කිරීමට ඇය වැඩි උනන්දුවක් දක්වනවා. බලන්නකෝ එමලි කියන ඒ කතාව ඇගේ ඡායා රූපත් එක්ක සසඳලා.
10
156 2 3 4   7 8 9

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!