යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ දෙවන වසරේ සිසුවියක් සිය දිවිහානි කරගෙන තිබෙනවා.
ඒ ප්‍රේම සම්බන්ධයක් බිද වැටීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ යාපනය චාවාකච්චේරී නුනාවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රීධරන් කෝකිලාදේවී නැමති විසි දෙහැවිරිදි තරුණියක්
ඇය නිවස ඉදිරිපිට ගසක ලණුවක ආධාරයෙන් එල්ලී සිටිනු දැක නිවසේ උදවිය ඇය ලණුවෙන් ළිහා චාවාකච්චේරී රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඇය මිය ගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.
චාවාකච්චේරී පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරනවා.
