ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරන්න හදන අවුරුදු 7ක දරුවෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.
දෙසැම්බර් 26 වෙනිදා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියානු තරගයේදී ඉන්දියානු නායක ටිම් පේන් සමග කරට කර තරග වදින්නේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 7ක දරුවෙක්.
ඒ දරුවා ආර්චි ශීලර්.
මේ දරුවා උපතින්ම හර්දයාභාදයකින් පෙලෙන දරුවෙක්.. මේ නිසා ආර්චිට මාස 3 ඉදන්ම සැත්කම් කරලාත් තියෙනවා..
කොහොමවුණත් ආර්චිගේ එකම හීනය වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු පිලේ නායකයා බවට පත්වීමයි..
ඉතින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මේ පුංචි පුතාට දුරකතන ඇමතුමක් දීලා තියෙනවා
ඉතිං මෙහෙම දුරකථන ඇමතුමක් දීලා ඔහු කියලා තියෙන්නේ ආර්චිව ඕස්ට්‍රේලියානු මූලික සංචිතයට ඇතුලත් කරගත්තා කියලයි..
මෙහෙම සංචිතයට ඇතුලත් වුණු පුංචි ආර්චි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිර්දේශය ඇතුව ඕස්ට්‍රේලියානු පිලේ නායකයා වනවා…
ඉතිං මේ පුංචි දක්ෂයා මෙහෙයවන මේ තරගය දිහා දෙස් විදෙස් හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙනවා…
මේ නිසා මේ තරගය නරඹන්න බොහෝ දෙනෙක් ආසාවෙන් බලන් ඉන්නවා…
