මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව චෝදනා ගොනු කර පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදි ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා ඔහුගේ ජංගම දුරකථනයේ තිබු විඩියෝ පටයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.
එහි සඳහන් වුයේ පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වු කළහාකාරි තත්ත්වය හමුවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සහ කථානායක කරු ජයසූරිය මහතා අතර ඇති වු සංවාදයකි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්චන විජේසිරි මහතාද අදහස් දක්වා තිබුණා.
