හොලිවුඩ්

අභ්‍යවකාශ මධ්‍යස්ථානය ළඟින් පිටසක්වල යානයක් යයි (වීඩියෝ)

පිටසක්වල යානයක් යැයි සැකකරනා වස්තුවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

එම වස්තුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ආසන්නයෙන් ගමන් කරමින් තිබියදී  නාසා ආයතනයේ කැමරාවක් මගින් එහි ඡායාරූප ගෙන ඇති බව විදේශ වාර්තා පෙන්නුම් කරනවා.

එම යානයේ රෝස සහ සුදු පැහැති වස්තුවක් බවද පෙන්නුම්  කරන බව වාර්තා සඳහන් කරනවා.

කොහොම වුණත් මේ වස්තුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි පිටසක්වල  යානයක් බවට මේ  සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇතැම් පුද්ගලයින් මත පළ කරනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පවසන්නේ බොහෝදුරට මෙය අභ්‍යවකාශයේ සැරිසරමින් පවතින අපද්‍රව්‍ය කොටසක් බවයි.

මේ සම්බන්ධයෙන් මෙතෙක් නාසා ආයතනය විසින් ප්‍රකාශයක් නිකුත් නොකිරීම පුදුම සහගත කරුණක් බවද  ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙනවා.

nasa4nasa5

nasa2

nasa3

nasa6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!