බස් රථයක් පදවන වඳුරෙක් ගැන පුවතක් අපට වාර්තා වුණා.
ඒ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන්. මේ සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ නමුත් මේ සිද්ධියට සම්බන්ධ රියදුරුගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වීඩියෝව අනුව වඳුරා සුක්කානමේ සිටියද රියදුරු සිනහවෙමින් සිටී.
මගීන් 30 දෙනෙකු පමණ මෙම බස් රථයේ ගමන් කර ඇති අතර කිසිවෙකුත් රියදුරාට චෝදනා කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
බී. බී. සී. වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ සමහරුන් මේ රියදුරුගේ සේවය අත්හිටුවීම විවේචනය කර ඇත.
