නයනතාරා වික්රමආරච්චි එහෙමත් නැත්නම් දෙව්මි කියන රංගන ශිල්පිණියට හැමෝම ආදරෙයි.
ඇයට බොහෝ අය ආදරය කරන්නේ නයනතාරාගේ තිබුණ අහිංසකකමට වගේම චාම් රූපෙට.
ඇයට ආදරය කරන සමහරු කිවේ අනේ දෙව්මි ඔයාගේ මේ රූපේ මේ විදියටම තියා ගන්න කියලා. එක එක විලාසිතා කරන්න කොන්ඩේ නම් කපන්න එපා කියලා තමයි.
හැබැයි මේ දිනවල හුවමාරු වන අලුත් ඡායාරූප කිහිපයක් නිසා ඇයට ආදරය කරන ප්රේක්ෂකයන් විවිධ දේවල් කියලා තිබ්බා.
ඒ ඇය ඇගේ දිග කොණ්ඩේ කපා ඇති බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් නිසා.
හැබැයි ඇයනම් කිව්වේ කොන්ඩේ කපලා තියෙන්නේ නම් ඇත්තටම නෙමෙයි. ඇය රඟපාන අලුත්ම චිත්රපටය සඳහා තමයි මේ වෙනස කරලා තියෙන්නේ කියලා.
