ගුවන්යානා සංදර්ශනයක් අතරතුර රුසියානු හෙලිකොප්ටරයක් කඩා වැටෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට එක්ව තිබේ. Mi 28N නැමැති හෙලිකොප්ටරයක් මෙලෙස කඩා වැටෙන අතර ඊට හේතු එහි පාලක පද්ධතියේ දෝෂයක් විය හැකි බව සැකකරයි. රුසියාවේ රියාසන් ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. අනතුර සිදුවූ අයුරු හා එය නිවාදැමීමට ක්‍රියා කරන අයුරු පහත වීඩියෝවෙන් බලන්න.