මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර දෙරණ නාලිකාව විසින් පවත්වනු ලබන අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගි වූ කොළඹ දිස්ත්රීක් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා වැඩසටහන අවසාන අදියරේදී එකවරම ආවේගශීලිව අදහස් දක්වන අයුරු දැකගත හැකිවිය. මෙම වැඩසටහන මෙහෙයවු ඩිල්කා සමන්මලී නිවේදිකාව විසින් මාතෘකාවට අදාළව අදහස් දැක්වීම හා මහජන නියෝජිතයින් ලෙස හැසිරීමේ වැදගත්කම පෙන්වාදෙන ලදී.
එම අවස්ථාවේදී අපිට චරිත සහතික දෙන්න ඔබ කවුද? පුළුවන් නම් සංස්කරණය නොකර මේවා දාන්නැයි ද, තවත් අවස්ථාවකදී ඇයව විවේචනය කරමින්ද ඔහු අදහස් දක්වන අයුරු මෙසේ දැක ගත හැකිවිය.
පහත වීඩියෝවෙන් එම අවස්ථාව බලන්න.
