ලොව බිහිවූ සුපිරිම දඟ පන්දු යවන්නන් දෙදෙනාම ඉන්නේ අපේ රටේ.
ඒ තමයි දකුණත් දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන්.
අනෙක් කෙනා තමයි වමතින් දඟ පන්දු යවන රංගන හේරත්.
මුරලි ක්‍රිකට්වලින් සමුගැනීමෙන් පස්සේ ඒ අඩුව පිරවූවේ රංගන හේරත්.
රංගන හේරත්ද ක්‍රිකට් දිවියෙන් සමුගන්නා දිනය ගැන ඉඟිපල කර තිබෙනවා.
නොවැම්බර් මස පැවැත්වෙන එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසුව ක්‍රිකට් දිවියට සමුදීමට සූදානමින් සිටින බව හේරත් BBC ය සමඟ කල සංවාදයකදී ප්‍රකාශ කර තිබෙනවා.
ලබන 12 වනදා ආරම්භ වන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියෙන් පසු නායකයා හා කළමණාකාරීත්වය සමග සාකච්ඡා කර මෙම තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ.
“ඕනෑම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. මම හිතනවා මමත් ඒවගේ කාලයක ඉන්නේ කියලා,සමහර විට මගේ අවසාන තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්. ඒකටත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ මාස 3ක කාලයක් තියෙනවා. එහෙම තමයි මම මේ වෙනකොට සැළසුම් කර තිබෙන්නේ.”
