සිසුන් පිරිසකගේ පහරදීමකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හලාවත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන නායකයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (23) අළුයම මෙම සිසුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
පසුගියදා 10 වනදා රාත්‍රියේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගීවී නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේදී මෙම සිසුවා අධ්‍යාපනය ලබන පාසලේ තවත් සිසුන් පිරිසක් මොහුට පහරදී තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා හලාවත රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති මෙම සිසුවා පසුව රෝහලෙන් පිටව ගොස් ඇති අතර යලිත් ඔහු තත්ත්වය අසාද්‍ය වීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිසුවා අද අළුයම මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකු බව සඳහන්ය.
මේ අතර මෙම සිසුවාට පහරදිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 15 හැවිරිදි සිසුවෙකු සහ ඊට අධාර අනුබල ලබාදුන් එම පාසලේ තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු පරිවාස භාරයට පත් කිරිමට අධිකරණය නියෝග කර ඇති අතර ආධාර අනුබල ලබාදුන් අනෙක් සිසුන් දෙදෙනා ඇප මත මුදාහැර ඇති බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.