වසර 5ක් තිස්සේ තිබු පෙම නිමාවීමෙන් පසු පෙම්වතිය සමග ඇති වූ කතාබහකින් පසු පෙම්වතියට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මේ සිද්ධිය වාර්තා වනනේ තායිලන්තයේ බැංකොක් නුවරින්.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ Natchareeya Thaprajit නමැති විශ්වවිද්‍යාල සිසුවියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සිසුවිය සිය යෙහෙලියක් සමග සිය නිවස දෙසට ගමන් ගනිමින් සිටියදී පරණ පෙම්වතා ඇයට යමක් පවසා පිස්තෝලයක් පෙන්වමින් තර්ජනය කර ඇති අතර දෙවන වතාවේදී ඔහු මෙම සිසුවියට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අදාළ සිදුවීම CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.