අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක පුද්ගලයන් 84,943ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ අතර දිවයිනට ඊසාන, වයඹ, බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කන්කසන්තුරේ සිට පුත්තලම සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර, හැමිල්ටන් ඇළ පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අදත් කොළඹ කොටුවේ සිට ලුණුවිල දුම්රිය ස්ථානයට සීමා කර තිබෙනවා.
ඉදිරි පැය කිහිපයේදී වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවුවහොත් කැළණි, කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් නැවතත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, එම ගංගාවල ජල මට්ටම් සමස්තයක් ලෙස පහළ බැස්ස ද ඒ අවට සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ.
