අධික වර්ෂාවත් සමග නැවතත් බොහෝ ප්‍රදේශවලට ගං වතුර තත්වයක් ඇතිවෙලා තිබෙනවා.
මේ හේතුවෙන් අවතැන්වෙලා අසරණ වෙලා ඇත්තේ මිනිසුන්ම පමණක් නෙවෙයි. සතුන් පවා අසරණ වෙලා තියෙනවා.
අපි මේ කියන්නේ යන්නේ සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වන එක් වීඩියෝවක් ගැන.
මේ සිදුවීම වාර්තා වන්නේ නාරම්මල ප්‍රදේශයෙන්.
ගංවතුරට හසුවී ගසාගෙන යන සුනඛයෙකු තරුණයන් තිදෙනෙකු තම දිවි පරදුවට තබා බේරාගන්නට උත්සහකරන වීඩියෝවක් මෙලෙස හුවමාරු වෙමින් පවතිනවා.
ඉතින් මේ තරුණයන් තිදෙනා එහෙමත් නැත්නම් දිලුම්, චමත් සහ විනුක ඇත්තටම මිහිපිට දෙවියන් කියලා තමයි මේ වීඩියෝ එක දැක්ක ගොඩක් අය කියලා තියෙන්නේ. මේ එම වීඩියෝවයි.