අරාබි ජාතිකයකු ලෙස වෙස් වළාගෙන කොළඹ මාළිගාවත්ත ප්රදේශයේ සිට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ පසුගිය 28 දා පැවැති රාජ්ය වෙසක් උත්සවයට පැමිණ සිටි සැක කටයුතු පුද්ගලයකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට්ටිපොල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.
මානසික රෝගියකු ලෙස හැඟවීමට තැත් කරන මොහු අවුරුදු 57 ක් පමණ වයසැති අයකු බව බිංගිරිය පොලිසිය පවසනවා.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පස්වරුවේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ රාජ්ය වෙසක් උත්සවය පැවැති භූමියට ඇතුළු වීමට උත්සහ කරමින් සිටියදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුගෙන් ප්රශ්න කර සිය භාරයට ගෙන බිංගිරිය පොලිසියට භාරදී තිබෙතනවා.