අදින් ආරම්භ වන සුපිරි පළාත් එක්දින තරගාවලියට සහභාගි නොවුණොහොත් ජාතික කණ්ඩායම තෝරාගැනීමේදී ලසිත් මාලිංග පිළිබඳව සළකා නොබලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව නැවත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවශ්‍ය නම් වහාම දේශීය ක්‍රිකට් පිටියට පැමිණ ක්‍රීඩා කරන ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට, ක්‍රිකට් ආයතනය විසින් අවසන් නිවේදනය නිකුත් කර ඇති බවට වාර්තා වනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව කියා සිටියා.
තේරීම් කමිටුවෙන් තමාට අසාධාරණයක් වූ බවත් සීමිත ඕවර තරඟාවලදි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවද මාලිංග පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
සුපිරි පළාත් එක්දින තරගාවලිය ලබන 17 දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත් හතරක කණ්ඩායම් 4 ක් එක්වනවා.
ලසිත් මාලිංග නම් කර ඇත්තේ දඹුල්ල කණ්ඩායමටයි.